අක්ෂි කාච සහ ස්ටෙන්ට් රජයේ රෝහල්වලින් නොමිලේ
රජයේ රෝහල්වලින් ලබාදෙන අක්ෂි කාච සහ හෘද රෝග ප්‍රතිකාර සඳහා භාවිතා කරන ස්ටෙන්ට් සම්පූර්ණ නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම තීරණයට අදාල චක්‍රලේඛය නිකුත් කරන ලෙස අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් ඒකකයට දන්වා තිබේ.
අක්ෂි කාච සඳහා විශාල මුදලක් අය කළද මේ වනවිට ඉතා අඩු මුදලට ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ආයනයන කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
 
මේ අතර ස්ටෙන්ට් ලබාගැනීමට රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගෙන් වෛද්‍යවරුන් මුදල් අයකරන බවට තොරතුරු ලැබී ඇති බවත් එම වෛද්‍යවරුන් පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත් අමාත්‍යවරයා පවසයි. ස්ටෙන්ට් ආයනය කරන සමාගම් සමග වෛද්‍යවරුන්ගේ ඇති සම්බන්ධතා මත මේ අයුරින් ක්‍රියාකරන බව හෙලිවී ඇති අතර එම සමාගම් නියෝජිතයන්ට හෘද රෝග ඒකක වෙත ඇතුළුවීම තහනම් කිරීමට ද කටයුතු කරන බව ඇමතිවරයා ප්‍රකාශ කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top