අක්ෂි කාච වර්ග 38ක මිල අඩු කෙරේ!

අක්ෂි කාච වර්ග 38ක මිල අද (17) රාත්‍රීයේ සිට මිල අඩු කෙරෙන බව අද පවතී මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.ඒ අනුව රු.10,000 සිට රු.29,000 අතර මුදලකට අලෙවි වන අක්ෂි කාච මිල අඩු කර තිබේ.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අක්ෂි ශල්‍යකාර්ම වලදී සිදුවෙතැයි පවසන දුෂණ වංචා මෙම මිල අඩුකිරීමෙන් අවම වන බවයි.

"වසරකදී රෝහල් වල අක්ෂි කාච ශල්‍යකර්ම 89000ක් පමණ සිදු කරනවා.ඒ සඳහා අවශ්‍ය කාච ලක්ෂයක් ආනයනය කර තිබෙනවා.මෙම මිල නියාමනය කිරීමේදී අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද විශාල සහයෝගයක් ලබා දුන්නා.කොහොමත් ඉදිරියේදී මේවට බලපෑම් එන්න පුළුවන්.කොහොමත් තවත් ශල්‍ය උපකරණ වල මිලත් ඉදිරියේදී අඩු වෙනවා.මේ ක්‍රියාවලීන් මගින් මහාචාර්ය සේනක බිබිලේ නාමය ගමට ගෙනයන්න පුළුවන් වුණා.ඒක මට සතුටක්."

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ මිල නියාමනයට හසු නොවන අක්ෂි කාචද වෙළෙඳ පොළේ පවතින බවයි.විවිධ ව්‍යාපෘති වලට භාවිතා කරන අක්ෂි කාච සහ වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන අක්ෂි කාචද ඒ අතර වන බව සභාපතිවරයා පැවසීය.කෙසේ වෙතත් ශල්‍ය උපකරණ මිල නියාමනය කරන රටවල් අඩු බවද හෙතෙම සඳහන් කළේය.

මාධ්‍ය හමුවට අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මියද එක්ව සිටියාය.එහිදී ඇය ප්‍රකාශ කළේ වෙළෙඳ පොළේ පවතින අක්ෂි කාච වල මිල ගණන් සාධාරණ නොවීම පිලිබඳ ගැටළුවක් පැවති බවයි.මිල අධික වීම හේතුවෙන් ඇතැම් රෝගීන් තත්ත්වයෙන් පහළ අක්ෂි කාච ගෙන ඒම නිසා අක්ෂි වලට විවිධ බලපෑම් සිදුවූ බවද වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

මිල ගණන් අඩු වීම පහත පරිදි වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top