1150 x 80 px

ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සේවකයින් මර්දනය කරයි!

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පැමිණි වහාම ඉල්ලා සිටියේ තමන්ගේ ආයතනයේ දූෂණ, වංචා සිදුව ඇත්නම් ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඒ ගැන සියලු තොරතුරු නොසඟවා ලබා දෙන ලෙසයි. ඒ වංචාවෙන් සහ දූෂණයෙන් තොර රටක් බිහිකිරීම සඳහාය.

නමුත් ගුවන්සේවා අධිකාරියේ දේශමාමක සේවක පිරිසක් විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු පිරිස විසින් සිදුකරන ලද මහා ජනතා මුදල් මංකොල්ලයන් ගැන තොරතුරු විමර්ශන කටයුතු වෙනුවෙන් අවශ්‍ය රජයේ ආයතන වෙත සහ මාධ්‍ය වෙත ලබාදීම හේතුවෙන් දැන් අධිකාරිය පාසලක් තත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

එහි එක් පියවරක් ලෙස පසුගිය සතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදිසියේ අධිකාරිය වටලා පරිගණක කිහිපයක් රැගෙන ගොස් ඇත්තේ විමර්ශන කටයුතු සඳහා ය.

විශේෂයෙන්ම වෙබ් අඩවි මගින් හෙළිදරවු කළ නිවැරදි දැනුවත් කිරීම් හේතුවෙන් බලහත්කාරයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගී වූ ගුවන්සේවා අමාත්‍යාංශ නිලධාරියාට එම රැස්වීම් තහනම් කිරීම මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ උවමනාවට විශාල වැටුප් ගෙවමින් සිටි වයස 60 ඉක්මවූ 11 දෙනකු අමාත්‍යාංශයේ මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ මැදිහත්වීම මත සේවයෙන් ඉවත්කරන ලදි.

තමාට අවාසිදායක තත්වයක් ආයතනය තුළ ක්‍රමයෙන් ගොඩනැගෙමින් පැවතීම නිසා තමන්ගේ තනතුරටද අවිනිශ්චිත බවක් මතුවීම හේතුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වනවිට භූමිතෙල් ගෑවුන ගැරඬියකු මෙන් කටයුතු කරන බව ආයතනික සේවකයෝ පවසති. අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තහනම් වූ ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාටද මාසිකව ලැබුණු කුට්ටිය නොමැතිවීම හේතුවෙන් සේවකයින් මර්දනය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එකතුවී ඇත.

දැන් සිදුවෙමින් ඇත්තේ වංචා හා දූෂණ චෝදනා ලබා ඇති පිරිස විසින් අනෙක් පිරිස හොරුන් බව කියමින් ආයතනික වරප්‍රසාද වලට මුවා වෙමින් කටයුතු කිරීම බව පවසන අධිකාරී සේවකයින් වසර ගණනාවක් තිස්සේ මහජන මුදල් කොල්ලකෑ පිරිසට ළඟදීම යහපාලන රජය යටතේ දඬුවම් ලැබෙනු ඇති බවද පවසයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top