1150 x 80 px

ජපනයි චිනයි මාරු කරලා පංචිකාවත්තේ කඩ  30ක් සීල්!

මරදාන පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන වෙළෙඳ සැල් 30කට මුද්‍රා තබා ඇත.ඒ අද දින පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ කණ්ඩායම් 5ක් විසින් කළ වටලිමකදීය.කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් පරිදි එම වැටලීම සිදු කර තිබේ.

චීනයෙන් ආනයනය කරන ලද අමතර කොටස් ජපන් නිෂ්පාදන හා ජර්මන් නිෂ්පාදන ලෙස පවසා ඇතැම් වෙළෙඳ සල් පාරිභෝගිකයන්ට අලෙවි කර ඇති බව වැටලීමේදී අනාවරණ වී තිබේ. මේ අතර මිල සඳහන් නොකර අලෙවි කරන ලද අමතර කොටස් රැසක්ද අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.

එම භාණ්ඩ වල වටිනාකම ගණනය කර නොමැති අතර භාණ්ඩ පරික්ෂාවට ලක් කර එහි නිෂ්පාදිත රට අනාවරණකර ගැනීමෙන් පසු මාළිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කරන බවද පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය.එම වැටලීම සඳහා කළුතර දිස්ත්‍රික් පාරිභෝගික කණ්ඩායමක්,ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කණ්ඩායමක් හා කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් තුනක් යොදවා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ පාරිභෝගික නීති කඩ කරන සියලුම අකාරයේ වෙළෙඳ සැල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top