Untitled 1

දේශප්‍රේමයට මුවාවෙලා රාජපක්ෂලා කරපු වැඩකිඩ ගැන ඇමති මංගල හෙළිකරයි
දේශප්‍රේමයට මුවාවෙමින් රාජපක්ෂලා යුද්ධයෙන් පවා මුදල් ඉපැයූ බව විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (16) අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. ඉදිරියේදී මිග් 28 ප්‍රහාරක ගුවන් යානා ගණුදෙනුව පිළිබඳ විස්තර අධිකරණය වෙත ලබා දුන්විට රාජපක්ෂලාගේ දේශප්‍රේමයේ තරමත් මුළු රටම නොමඟයවමින් ඩොලර් මිලියන 8කට අධික මුදලක් අතුරුදහන් වූයේ කෙසේද යන්න පිළිබඳවත් හෙළිවනු ඇතැයි සමරවීර මහතා සඳහන් කළේය.
මෙම ගණුදෙනු පිලිබඳ ඇත්ත අනාවරණ වන විට රාජපක්ෂ හා ඔහුගේ කල්ලිය නැවත වරක් ජාතික කොඩිය පොරවාගෙන දේශප්‍රේමයෙන් ඒ සියලු වංචා, දුෂණ වසන්කරන්නට සුදානම් වන බව අමාත්‍යවරයා පැවසුවේය.
 
මහින්ද රාජපක්ෂ වේදිකාවේ අලුත් නළුවෙකු වන මේජර් කමල් ගුණරත්නගේ   නන්දිකඩාල් කෘතිය  මෑත කාලයේ රජයේ හමුදා පාවාදෙන ලොකුම ලියවිල්ල බවද මංගල සමරවීර මහතා අවධාරණය කළේය.
 
රාජපක්ෂ පවුලේ මහා පරිමාණ වංචා, දුෂණ, හොරමැරකම් භීෂණයෙන්,මැර බලයෙන්, පැහැරගැනීමෙන්, අතුරුදහන් කිරීමෙන් පමණක් නොව මරා දැමීමෙන් හෝ වසන්කිරීමේ කටයුත්ත ක්‍රියාත්මක කළේ එවකට ආරක්ෂක ලේකම් කාර්යාලයෙන් බව දැන් අනාවරණය වෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.  
 
නිශාන්ත ප්‍රියදර්ශන
 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top