1150 x 80 px

මහින්දානන්ද තවමත් ඇමති ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේට අයත්, නාවලපිටිය නගරයේ පිහිටා ඇති තැබෑරුම් හතරක නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන බව වාර්තා වේ. ගැටලුව වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව මෙයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වීමයි.

නාවලපිටිය නගරයේ පිහිටි නාවලපිටිය, පැරමවුන්ට්, බ්‍රවුන්ස්, TABOT යන මත්පැන් අලෙවිහල් සඳහා ලබාදී ඇත්තේ FL-4 බලපත්‍රයයි. එම බලපත්‍රයට අනුව මත්පැන් බෝතල් අලෙවි කළහැකි අතර බෝතල් කඩා අලෙවි කළ නොහැක. වෙනත් අයුරින් කියන්නේ නම් අදාල තැබෑරුමේ මත්පැන් පානය කිරීම සඳහා පහසුකම් සැලසීමට බලපත්‍රය අනුව අවසර ලබාදී නොමැත.

එසේ තිබියදී මහින්දානන් අළුත්ගමගේ මහතා පොලීසියේ හා සුරාබදු නිළධාරීන්ගේ ද සහාය ලබාගනිමින් නීතිවිරෝධී ලෙස මත්පැන් බෝතල් කඩා අලෙවි කරයි. එක් පැත්තකින් මෙය නීතිවිරෝධී කටයුත්තකි, ලබාදී ඇති බලපත්‍රය උල්ලංඝනය කිරීමකි. අනෙක් පැත්තෙන් මෙම තැබෑරුම් හරහා සිදුකරන්නේ විශාල බදු වංචාවකි.

මත්පැන් භාවිතය සඳහා FL-7 හෝ FL-8 දරන බලපත්‍ර ලබාගත යුතුය. ඒ සඳහා FL-4 බලපත්‍රයට වඩා සැළකිය යුතු වැඩි මුදලක් රජයට ගෙවිය යුතුය. එසේම වාර්ෂිකව එම බලපත්‍ර අළුත්වැඩියා කළයුතුය.

මහින්දානන්ද සිය දේශපාලන බලය හා සුරාබදු දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ බලය භාවිතා කරමින් මේ සිදුකරමින් සිටින්නේ රජයට ගෙවිය යුතු බදු මුදල් වංචාවකි.

මහින්දානන්දලා බලය පැවති සමයේදී කටයුතු කළේ කුමන ආකාරයෙන්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. ගැටලුව වන්නේ බලය අහිමි වී ඇති තත්වයක් යටතේ ද ඔවුන් ඒ ආකාරයෙන්ම සිය කටයුතු සිදුකරමින් සිටීමයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top