Untitled 1

දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු! - සම අයිතිය ව්‍යාපාරය

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසත්,බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින උතුරේ ජනතාවගේ ඉඩම් නැවත එම ජනතාවට ලබාදෙන ලෙසත්,උතුරේත් දකුණේත් පැහැරගැනීමට හා අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටුකරන ලෙසත්,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලුම මර්දන නීති වහාම අහෝසි කරන ලෙසත් බලකරමින් සම අයිතිය ව්‍යාපාරය අද (17) පෙරවරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

අදින් ඇරඹි මෙම විරෝධතාව සතියක කාලයක් පවත්වාගෙන යන බවයි එම ව්‍යාපාරය සඳහන් කරන්නේ.

 




පසුගිය ජනවාරි 08 ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය බවට උතුරේ ජනතාවගේ ප්‍රශ්න යොදාගෙන තිබුනද වසර දෙකක කාලයක් ගතව ඇතත් උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට රනිල්- මෛත්‍රී ආණ්ඩුව අසමත් වී ඇති බව ඔවුහු අවධාරණය කළහ.

දේශපාලන සිරකරුවන්ගේ මව්පියන් ඇතුළු ඥාතීන් ද මෙම විරෝධතාවට සහභාගී වී සිටියහ.ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන් හා ඥාතීන් නිදහස් කර නිදහසේ ජිවත් වීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

නිශාන්ත ප්‍රියදර්ශන

 

  

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top