1150 x 80 px

රණවිරු' බිරියන් CID නිලධාරීන්ට 'හමුදා පාට්' දාලා !

'නේශන්' පුවත්පතේ කර්තෘ කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම පිළිබඳව නඩුව ඊයේ (16) දින කැඳ වූ අවස්ථාවේදී එහි චූදිත හමුදා නිලධාරියකුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පරුෂ ලෙස බැණවැදී ඇත.

එම නඩුව ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙහි කැඳවූ අවස්ථාවේ එහි ප්‍රධාන සැකකරු වන මේජර් බුලත්වත්තගේ බිරිඳ මෙසේ "තොපි තමයි කාලකන්ණි බල්ලෝ" යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බැණ වැදී ඇත. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අධිකරණයට පැමිණිලි කර ඇත. ඒ අවස්ථාවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙහි විනිසුරුවරයා උපහාසාත්මක ලෙස 'ඇප දීමට මෙයද ඉතා උචිත කරුණක්' යනුවෙන් පවසා එය සටහන් කරගෙන තිබේ.

මේජර් බුලත්වත්තගේ නීතීඥයා විසින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියදී බුලත්වත්තගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට තර්ජනය කිරීම ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙහි නීතීඥවරුන් පිරිසක් ප්‍රකාශ කර තිබුණේ " මේක මේ බුලත්වත්ත ගෙදර එනවාට අකමැති නිසා බිරිඳ කරපු වැඩක්" යනුවෙනි. නීතීඥවරයා ඇප ඉල්ලා සිටියදී බිරිඳ 'හමුදා බලය' රැගෙන නාඩගම් නැටීමේ අවසාන ප්‍රතිඵලය මේජර් බුලත්වත්තට ම විඳින්නට වනු ඇත. එසේම මේජර්ලා පමණක් නොව මේජර්ලාගේ බිරින්දෑලා පවා බලවතුන් කළ යුගයක ශාපය නීතිය ඉදිරියේ පවා දිග හැරෙන්නේ මෙසේ බව සමාජයක් තේරුම් ගත යුතුව ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top