ජෝසප් කෑම්ප්’ යනු කුමක්ද? වධකාගාරයක් ගැන අලුත් චෝදනාවක්

පසුගිය යුද සමයේ දී වව්නියාව ප්‍රදේශයේ ජෝසප් කඳවුර නමින් වධකාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට හෙළිදරව් වී ඇත. ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළුව අතරවාරයේ දී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පැමිණෙන ලෙස තමන් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ට ආරාධනය කරන බව අමාත්‍ය මංගල සමරවීර මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.

මීට පෙර අවස්ථාවක ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගෝඨාස් කෑම්ප් නමින් හැඳින්වූ වධකාගාරයක් ගැන ද හෙළි වී තිබූ අතර එය ද ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම්වල පරීක්ෂාවට ලක් විය.

ඩී. මංජුල කුමාර - සත්හඬ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top