1150 x 80 px

ලංකාවට දෙවසරක් කල්දෙන්න තවත් ප්‍රබල රටවල් 6ක සහය

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පත සඳහා ඊයේ (19) දින වන විට තවත් ප්‍රබල රටවල් 6ක සහයෝගය ලැබි ඇති බව, තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.


ඒ අනුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ඊශ්‍රායලය, ජපානය, හා නෝර්වේ රාජ්‍යය මෙසේ ඊයේ (19) දිනය වන විට, මෙම යෝජනා කෙටුම්පතට සහය පළකර ඇත.
“ශ්‍රී ලංකාවේ, ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” යන තේමාව යටතේ, ඉදිරිපත්ව ඇති මෙම යෝජනා කෙටුම්පතෙහි ප්‍රධාන අනුග්‍රාහක රාජ්‍යයන් වූයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, උතුරු අයර්ලන්තය හා මොන්ටෙනෝගෝ යන රටවල්ය.
ශ්‍රී ලංකාව මෙම යෝජනාවලියට සම අනුග්‍රාහකත්ව ලබාදී ඇත. පසුගිය ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර 2ක කාලයක් ලබාදීම මෙම නව යෝජනා කෙටුම්පතෙහි ප්‍රධාන අරමුණකි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන හා වගවීමේ ක්‍රියාවලිය ඇගයීමකට ලක්කිරීමටත් මෙම යෝජනාවලිය හරහා ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනා කර ඇත. එසේම, ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක්, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසියට ඉදිරිපත් කළ යුතු බවද මෙහි දැක්වේ.
මෙම කෙටුම්පත සඳහා හෙට (21) දිනතෙක්, කවුන්සිලයේ සාමාජික රටවලට, සංශෝධන එක් කළ හැක.
http://www.lakbima.lk

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top