Untitled 1

තෙල් ටැංකි රැකගන්න තෙල් සේවකයෝ දැවැන්ත වැඩ වර්ජනයකට සැරසෙයි !

ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය කැබිනට් පත්‍රිකාවක් හරහා ඉන්දියාවට පැවරීමට අගමැතිවරයා සුදානම් වන වන අතර ඊට එරෙහිව ඛනිජ තෙල් සේවකයන් දැවැන්ත වැඩවර්ජනයකට සුදානම් බව ඛනිජතෙල් පොදුසේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා අද (19 )කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.එළඹෙන 28 වැනි දින එම ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව රන්වල මහතා ප්‍රකාශ කළේය.

රජයේ සම්පතක්ව පවතින චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව සුදානම් වුවහොත් පිරිපහදුවේ සිට ගුවන් ගමන් සඳහා ද ඉන්ධන ලබා දීම අත්හිටුවන බවයි හෙතෙම අවධාරණය කළේ.

ඛනිජ තෙල් සේවකයන්ට ආණ්ඩුව ඇහුම්කන් නොදුන්නොත් රටේ සෑම ක්ෂේත්‍රයක්ම අඩපණ වනු ඇතැයි පෙන්වා දුන් රන්වල මහතා කියා සිටියේ කිසිලෙසකින්වත්  අනාගත පරම්පරාවේ දේපළ සුරක්ෂිත කිරීමේ වෑයම අත්නොහරින බවයි.

නිශාන්ත ප්‍රියදර්ශන



Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top