Untitled 1

මීතොටමුල්ල ඛේදවාචකය  කප්පම් දේශපාලනයේ ප්‍රතිපලයක් - රවීන්ද්‍ර කාරියවසම්

මීතොටමුල්ලේ ඛේදවාචකය රටේ තවත් තැන්වල සිදුවීමට ඉඩ ඇති හෙයින් එය වළක්වා ගැනීමට අවශ්‍ය පදනම දැන් සකසා ගතයුතු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා අවධාරණය කළේය.

හෙතෙම මේ බව සඳහන් කළේ මීතොටමුල්ල මියගිය ජනතාව සිහිපත් කරමින් සංකේතාත්මකව ඉටිපහන් දැල්වීමේ අවස්ථාවට එක්වෙමිනි.කප්පම් දේශපාලනයේ හා රාජ්‍ය නිලධාරීන්ගේ වරදින් මේ අහිමි වූ ජිවිත වල වගකීම ඔවුන් භාර ගත යුතු බවත් රුපියල් ලක්ෂයකින් මියගිය අයට සාධාරණයක් ඉටුකිරීමට නොහැකි බවත් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා දැන් හෝ කළ යුත්තේ කප්පම් දේශපාලනයෙන් කුණු ගොඩවල් ගලාවා ගෙන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතාද එක්ව සිටි අතර අදහස් දක්වමින් විතානගේ මහතා අවධාරණය කළේ කුණු වලින් මුදල් උපයමින් මිනිස් ජිවිත උදුරා ගැනීමට තවදුරටත් ඉඩදිය යුතු නැති බවයි.

.......

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top