1150 x 80 px

වව්නියාව උතුර සහ චෙන්ගච්චෙඩිකුලම් ප්‍රදේශීය ජනතා සේවාවන් මේ මස 22 සහ 23 දා

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන වව්නියාව දිස්ත්‍රිකයේදී පැවැත්වෙන “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ ප්‍රදේශීය ජනතා සේවාවන් දෙකක් මේ මස 22 සහ 23 වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වන්නි දිස්ත්‍රික් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව මේ මස 22 වන දින පෙ.ව.8.00 ට වව්නියාව උතුර, ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය වව්නියාව උතුර, නැදුන්කර්නි මහා විද්‍යාලයේදී පැවැත්වෙන අතර  චෙන්ගච්චෙඩිකුලම් ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය මේ මස 23 වන දින පෙ.ව.8.00 ට  චෙන්ගච්චෙඩිකුලම්, චෙට්ටිකුලම් මහා විද්‍යාලයේදී  පැවැත්වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු සහ දෙවන වැඩසටහන් පොළොන්නරුව හා ගාල්ල දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.

නිල මෙහෙවර ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන් කුරුණෑගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පැවැත්වීමට ජනාධිපතිවරයා  විසින් ගාල්ල නිල මෙහෙවර ජනතා සේවයේ සමාප්ති උත්සවයේදී ප්‍රකාශ කරන ලදි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top