1150 x 80 px

හම්බන්තොට ධිවර වරායේ වලිගය කැපු ඩොල්ෆින් මළසිරුරක්

හම්බන්තොට දිවර වරාය තුල පාවෙමින් තුබූ ඩොල්ෆින් මෂ්‍යයෙකුගේ මළසිරුරක් ලද තොරතුරකට අනුව සොයා ගැනීමට හම්බන්තොට වනජීවී  කාර්යාලයේ නිලධාරීන්හට හැකිවී තිබේ .

දිගින් අඩි අටක් පමණ මෙම ඩොල්ෆින් මෂ්‍යයාගේ වල්ගය අග කොටස කපා දමා තුබූ බව වනජීවී නිලධාරින් පවසයි .

ධීවරයින්ගේ දැල්වල පැටලීමෙන් පසු එම සතුන් මුදා නොහැර ගොඩට ගැන එන්නට ඇතැයි වන ජීවී නිලධාරීන් සැකකරන අතර මේ ආකාරයෙන් කැස්බෑවුන්  පවා පැටලීමෙන් පසු එම සතුන්ගේ වරල් කපා දැමු අවස්ථා මිට පෙරද හමුවූ බවයි වනජීවී නිලධාරින් පෙන්වා දෙන්නේ.

කෙසේනමුත් මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් ආරම්බ කර ඇතිබව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ජේ .ඒ .පි .විජයකුමාර මහතා ප්‍රකාශකර සිටි .

'ඩොල්ෆින් මත්ස්‍යයින් මැරීම සම්පුර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් බවත් බොහෝ දිවරයින් මෙම සතුන් දැල්වල පැටලුවිට නැවත මුහුදට නිදහස් කරන වා සමහර ධිවරයින්  එහෙම කරන්නේ නොමැතිව ගොඩට ගෙනවිත් මස් පිණිස විකිනීමට කටයුතු කරන බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ  සාමාන්‍යධිකාරී   ආචාර්ය ටී.බී.ටර්නි ප්‍රදිප් කුමාර පේනා දෙයි .

ඩොල්ෆින්ලා කිරිබි වැඩෙන සත්වයෙක් එම නිසා අනෙක් මත්ස්‍යයින්ගේ මස් වලට සමාන කමක් දක්වනවා මෙම  ඩොල්ෆින්ලාගේ  මස්  සමහර  දිවරයින් මුල්ලුවා යනුවෙන් හදුන්වා විකුණන බවත් ඒ නිසා බොහෝ පිරිස් නොදැනුවත්ව හෝ මෙම සතුන්ගේ මස් පරිබෝජනයට ගන්නා බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ  සාමාන්‍යධිකාරී   ආචාර්ය ටී.බී.ටර්නි ප්‍රදිප් කුමාර පේනා දෙයි .
ඒ වගේම  නිසියාකාර සංගණනයක් කර නොමැති මුත්   ත්‍රිකුණාමලය ,කල්පිටිය ,මිරිස්ස වැනි ප්‍රදේශ ඇතුළු ලංකාවේ මුහුදු තිරය තුල  දසදහසක් (10,000) වැනි   ඩොල්ෆින් මත්ස්‍යයින් ප්‍රමාණයක් ජීවත්වනු ඇතයි විශ්වාස කරන බව ද ඔහු කියා සිටි

නමුත්  මේ ආකාරයෙන්   විවිධ මානව ක්‍රියා කලාපයන් හේතුවෙන් ලංකාවේ තල්මසුන් හා ඩොල්ෆින් සත්වයින් දැඩි තර්ජනයකට ලක්වී ඇති බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ  සාමාන්‍යධිකාරී   ආචාර්ය ටී.බී.ටර්නි ප්‍රදිප් කුමාර  පෙන්වා දෙයි .
ධිවර කර්මාන්තය සදහා බාවිතා කරන දිග දැල් වර්ග මෙම සතුන්ගේ අගේ පැටලීම නිසා මෙම සතුන් හානියට පත්වෙනවා .ඉතා දිග දැල් බාවිතා කරන නිසා ඒ හානිය තවත් ඉතා දැඩි තත්වයකට පත්වී තබෙන බවත් ලංකාව තුල  මෙම සතුන්හට තිබෙන තර්ජන අතර ධිවර කර්මාන්තය නිසා වන හානිය මෙන්ම ලංකාවට ආසන්නයෙන් ගමන් කරන නැවු නිසා වන හානිය , මෙම සතුන් නැරබීමට යාමේදී සිදුවන හානිය මෙන්ම  ස්වාබාවික විරෝපිකයන් නිසා ද හානි සුදුවන බව    ආචාර්ය ටී.බී.ටර්නි ප්‍රදිප් කුමාර  පෙන්වා දෙයි .ඩොල්ෆින් මත්ස්‍ය යෙකුගේ ජීවවිද්‍යාත්මක වටිනා කම ඩොලර් මිලියන දෙකක් පමණ වෙනවා .ඒ වගේම මම මසුන් ජීවවිද්‍යාත්මක මෙන්ම සංචාරක ආකර්ශනයක්ද අපේ රටට ලබා දෙනවා ඒ නිසාම විශාල විදේශ විනිමක් මෙන්ම රටට ගෞරවයක් ලෙබෙන බවත් ඒ නිසා මෙම සතුන් ආරක්ෂා කරගැනීම කාගේත් යුතුකමක් බවත් ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර  පවසා සිටි

රාහුල් සමන්ත හෙටිටිආරච්චි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top