Untitled 1

'කුණු' වැඩකට මහඇමති ඉසුර ජනපතිගෙන් බලය ඉල්ලයි

කුණු සම්බන්ධයෙන් බලතල ඇත්තේ පළාත් සභාවලට වන හෙයින් මහ ඇමතිවරු නව දෙනාට මේ ප්‍රශ්නය භාරදෙන්නේ කුණු ප්‍රශ්නය විසදිය හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද (20) ශ්‍රීලනිප මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.කසල ප්‍රශ්නය විසදීම සඳහා වෙනම ජාතික මට්ටමේ ආයතනයක් අවශ්‍ය නොවන බවත් බස්නාහිර පළාත් කසල කළමණාකරන අධිකාරිය ඊට  ප්‍රමාණවත් බවත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කුණු ප්‍රශ්නය විසදීම පළාත් සභාවට භාර දුන්නේ නම් මේ වන විට මතුව  ඇති අර්බුදකාරී තත්ත්වය ඇති නොවන බවයි හෙතෙම කියා සිටියේ.කසල කළමණාකරනය සඳහා වැඩපිළිවෙලක්,දැක්මක් හා වුවමනාවක් පළාත් සභාවට පැවතියත් ඊට ඇතැමෙක් ඉඩ නොදුන් බව අවධාරණය කළ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ මීතොටමුල්ල කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය සඳහා වෙස්ටර්න් පවර් නමැති ආයතනයකට ලබා දී තිබුණද ඒ සඳහා ආයතනය දහයකින් දොළහකින් අවසර ගෙන පැමිණෙන විට කොළඹ මහ නගර සභාව මීතොටමුල්ලම කුණු කන්දක් කර තිබීමෙන් එම ව්‍යාපෘතිය කර ගැනීමට වෙස්ටර්න් පවර් ආයතනයට නොහැකි වූ බවයි. නමුත් මෙවන් කාරණා පිළිබඳ ජනතාව නොදන්නා බවත් ඒවා හෙළිදරව් වියයුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

නිශාන්ත ප්‍රියදර්ශන

..........

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top