Untitled 1

මීතොටමුල්ල කසළ කන්ද නැවත නාය යාමේ අවධානමක !

ඉදිරි දින වලදී නැවත වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීමත් සමග  මීතොටමුල්ල අනෙක් කසල කදු ප්‍රදේශද නාය යාමේ තර්ජනයට ලක්  නිසා අවධානම් කලාපයේ නිවෙස් හදුනා ගෙන නිවැසියන් තාවකාලිකව පදිංචි ස්ථාන වලින් ඉවත් කිරිමටත් පියවර ගෙන ඇත. ඊයේ බ්‍රහස්පතින්දා අප කළ  නිරීක්ෂණයේ දී  නාය ගිය දහම්පුර  ආරක්ෂක බැම් 3ක් යොදමින්  මෙහෙයුම් ඉදිරියට ගෙන යෑමට ආරක්ෂක අංශ පිරියවර ගෙන තිබුණේද ඉදිරියේද ඇති විය හැකි අවධානමට පිලියමක් වශයෙනි.  නිරීක්ෂණයේදී අපට ප්‍රත්‍යක්ෂ වුයේ  අතුරුදහන් සහ මියගිය පිරිස් සෙවීම ඉදිරියේදී  දුෂ්කර වන බවය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සහකාර ලේකම් තිලක් රණසිංහ මහතා සදහන් කලේ ඔවුන් මේ වන විට අවධානම් නිවාස හදුනා ගනිමින් සිටින බවත් ඒ අනුව නිවෙස් 130 අසන්න ගණනකට එම ස්ථාන වලින් තාවකාලිකව ඉවත්වීමට දැනුම් දී ඇති බවය. බඩු ඇදීම සදහා ප්‍රවාහන වියදම් ලෙස රුපියල් 10,000 මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නිවැසියන්ට ලැබේ. අවතැන්වූ ජනතාවට නිවාස ලබා දීම සම්බන්ද  සැලසුම් සිදු වන බවත් දැනට ආරක්ෂාව සදහා සෙසු  ජනතාවට තාවකාලිකව පියවරක් ලෙස මෙය සිදු කරන බවද තිලක් මහතා කිවේය. මෙලෙස අවධානම් කලාපයේ ජිවත් වන      රෝයි සිල්වා මහතා මෙයට පිළිතුරක් දෙමින් අප සමග පැවසුයේ මෙලෙස බඩු ඇද ගැනීමට පැවසුවත් එයද  ක්‍රමවේදයක් නොමැති බැවින් පොලිසිය ප්‍රදෙශියලේකම් කාර්යාල ග්‍රාමසේවක නිලධාරීන් හමුවේ ඔහු පැය 6ක් පමණ  රස්තියාදු වූ බවය. කෙසේ වෙතත් මේ වන විට සමහර පිරිස් තම නිවෙස් වල තිබු භාණ්ඩ ආරක්‍ෂිත ස්ථාන වලට රැගෙන යමින් සිටිති .

චීන පරීක්ෂණ කණ්ඩායමක්ද ඊයේ දිනයේදී මීතොටමුල්ල කසල කන්දෙ නිරීක්ෂණ චාරිකාවක නියැලුණු  අතර මෙහෙදී ද ගම්වාසීන් පවසන්නේ මේවා එකිනෙකාගේ වුවමනාවන් මත සිදු වන බවයි. අප සමග එකතුවූ බොහොමයක් ප්‍රදේශවාසීන් ලබා දෙන තට්ටු නිවාස වල පදිංචි වීමට දැඩි විරෝධයක් දක්වමින් පවසන්නේ තමන්ගේ නිවාස වල තක්සේරු වටිනාකමක් ලබා දෙන ලෙසයි. සියල්ල සදහා ප්‍රදේශ වාසීන් දැඩි විරෝදතාවයක් දක්වති.

මාර්තු මාසයේදී මීතොටමුල්ල කසළ කන්දට කිසියම් රසයනියක් යෙදු බව කියවිණි. ඒ පිලිබදව නගර සභාවෙන් අප කළ විමසුමේදී ඔවුන් සදහන් කලේ එය කසල වල ඇති දුර්ගන්ධය නැති කිරීමට යෙදූ බවයි. නමුත් අප ලද තවත් තොරතුරකට අනුව සදහන් වන්නේ මෙම රසායනිකය කසළ ඉක්මනින් දිරීමට යොදාන බවය. තවද දිගින් දිගටම කසළ කන්ද ගිනි තැබීම් වලටද ලක් විය. මෙවැනි මිනිස් ක්‍රියාකාරකම් හමුවේ  ගිනි තැබීම්, රසායනික ද්‍රවුය යෙදීම් ආදීයෙහි  බලපෑම් මත කුණු කන්දේ  නාය යාම ඉක්මන් වුවාදැයි සැකයක් ඇත. කෙසේ වෙතත් පරික්ෂ අකණ්ඩව සිදු කෙරෙමින් තිබේ .
 
තවම මෙහෙයුම් කටයුතු සහ ඉරිදී වැඩ පිළිවෙලවල් සම්බන්දයෙන් නිශ්ශිත සැලසුම් නොවේ . මෙහිදී ටෙරන්ස් විදුහලේ පාසල්  කටයුතු මීලග වාරයත් සමග නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ද ඉදිරියේදී මතු වේ. දැනට අවතැන් වුවන් රැදී සිටින මෙම විදුහලේ සියලු කැඩී බිදී ගිය තැන් නැවත සකසා ලබන  24 වනදා වන විට ලබා දීමට පොලිස්පති සහ ප්‍රාදේශීය ලේකම්  එහි විදුහල්පතිනියට පොරොන්දුව වී තිබේ.  ලබා දෙන සහනාධාර වලට, දත්ත ගොනු  කිරීම් වලට මෙන්ම එදිනෙද කටයුතු වලදී තවමත් මේ ජනයා අවේගශිලිව කටයුතු කරන්නේය. අනවසර ඉදිකිරීම් හමුවේ  නිලධාරුන්ද තොරතුරු එක්රැස් කිරීමේ දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරු දකින්නට තිබිණි.  තවද අද දවසේදී තිබෙන අනෙක් ගැටලුව වන්නේ ශීග්‍රයෙන් පැතිරගෙන වන වසංගත රෝග තත්වයයි. දිනකට උණ රෝගීන් 1500 ක් ප්‍රතිකාර සදහා පැමිණෙන බවත් මේ වන විට 300 ක් පමණ රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව රෝහල් අද්‍යක්ෂ දිමුතු රත්නායක මහතා සදහන් කලේ අපගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. කෙසේ වෙතත් සියළු ප්‍රශ්න කඩි නම් පිළිතුරු කරා යා යුතුව ඇත. එසේ නොවුනහොත සියල්ල නැති වූ මේ ජනතාව පවසන්නේ ආයුධ වලින් මෙම ප්‍රශ්න විසදා ගැනීමට පාරට  බවයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top