1150 x 80 px

ඉහගෙන කන්න එපා! ඇමති නිමල් ගුවන්සේවා අධිකාරී පරිපාලනයට කියයි!

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිවිල් ගුවන්සේවා අධිකාරියේ කාර්යය මණ්ඩලය ඇමතූ අතර එහිදී ඔහු එහි පරිපාලනයට ඉහගෙන නොකන ලෙසත් සැමට සමාන ලෙස සලකන ලෙසත් ඉල්ලා සිටියේය.

ආයතනයක ඉහළ පරිපාලනය මැඩම්ලා, සර්ලා වන්නේ තම ක්‍රියාවෙන් බවත් එය කිසිදා සේවකයින් තලා, පෙළා බලහත්කාරයෙන් ලබාගත නොහැකි බවද පැවසීය. වසර ගණනාවක් තිස්සේ ඉහළ පරිපාලනය වැරදි ගමනක් පැමිණ තිබීම පැණ නැගී ඇති අභ්‍යන්තර ගැටළු වලට මූලික හේතුවක් බවත් විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවට මාධ්‍ය මගින් සිවිල් ගුවන්සේවා අධිකාරිය සිදුකරන ලද දූෂණ හා අක්‍රමිකතා සමාජ ගතවීම හේතුවෙන් ආයතනය පිළිබඳ ජනතා විශ්වාසය පවා පළුදුවී ඇති බවද සඳහන් කළේය.

වසර 15 පුරා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු කළ පුද්ගලයා වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන්, නුදුරේදීම විශ්‍රාම යාමට නියමිත ඔහුගේ තනතුරට මේ දක්වා ආදේශනයක් නොමැති වී ඇති බවත් ඉදිරියේදී එම ගැටළු වළක්වා ගැනීමට ඔහු මැදිහත් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

තවද ගුවන්සේවා අධිකාරිය විදෙස් පුහුණුවීම් සඳහා නොසැලකිලිමත් ලෙස වියදම් කොට ඇති බව පැවසූ අමාත්‍යවරයා එමගින් අනාගතයට ලැබී ඇති දෙයක් නොමැති බවද පැවසීය.   

එහිදී මාධ්‍ය වෙත අභ්‍යන්තර තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සිය නොසතුටට පළ කළ අමාත්‍යවරයා සියලු සේවකයින් මහජනයාගෙන් පඩිගන්නා පිරිසක් බැවින් මීට වඩා වගකීමකින් එළඹුන නව වසරේ කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top