Untitled 1

ස්කොට්ලන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ බක් මහා උළෙල

ස්කොට්ලන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය විසින් මෙවර සංවිධානය කරනු ලබන බක් මහා උළෙල

"අභිමානය ශ්‍රී ලංකා" යන තේමාව යටතේ හෙට (22) පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ග්ලාස්ගොව් නුවර දී පැවැත් වෙයි. පංච දැමීම, කැට ගැසීම, ඔලිඳ කෙලිය ඇතුළු සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ක්‍රීඩා රැසක් සමග සජීවී සංගීතයෙන් මෙම උළෙල අලංකාරවත් වනු ඇත.

මෙම උත්සවය අංක 82, වෙස්ටර්න් ශාලාව, මැක්ස්වෙල් මාවත, බියර්ස්ඩන්, ග්ලාස්ගොව්, G 61 1NZ යන ස්ථානයේ දී පැවැත්වේ. විස්තර විමසීම් සඳහා +44 7805287724 යන දුරකථන අංකයෙන් ජේ.ආර්. අමතන ලෙස සංවිධායක කමිටුව දැනුම් දෙයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top