Untitled 1

මහින්ද, ගෝඨා ඉන්දීය අගමැති හමුවෙයි

මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම හමුව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෝඩි මහතාගේ නිළ සංචාරයෙහි න්‍යාය පත්‍රයේ මෙවැනි හමුවක් ඇතුළත්ව නොතිබූ අතර හිටපු ජනාධිපතිවරයා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම සාකච්ඡාව සූදානම් කරගෙන තිබේ. මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීමක් අනුව ඉන්දීය අගමැතිවරයා හමුවීමට අවස්ථාව ලබාදුන් බවයි.

ඉන්දීය අගමැතිවරයා ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර ජනාධිපති මන්දිරයේදී ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top