1150 x 80 px

බත්තරමුල්ල අවට රජයේ ආයතනවල සේවක පිරිසට සහන සේවා වේලාවන් !
බත්තරමුල්ල ආශ්‍රිතව රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සේවයට වාර්තා කරන වේලාවන් පිළිබඳව ලිහිල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත  වේ.
 
පෙරවරු 7.30 සිට පෙරවරු 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමටත්, රාජකාරි කටයුතු ඉටු කළ යුතු නියමිත කාලය නිමවීමෙන් පසු පස්වරු 3.15 සිට පස්වරු 5.00 දක්වා ඕනෑම අවස්ථාවක කාර්යාලයෙන් පිටත්ව යාමටත් ඒ අනුව අවසර ලැබේ.
2016 නොවැම්බර් සිට 2017 ජනවාරි දක්වා මාස තුනක කාල සීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් සිදුකොට තිබුණි.
 කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන භාවිත කරන නිලධාරින්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත් පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවීම සඳහාත් එකී වාහන භාවිත කරන බව එහිදී හෙළිවිය.
 
සාමාන්‍ය කාර්යාල වේලාවන්හිදී රාජගිරිය සහ බත්තරමුල්ල නගරය අතර ගමනා ගමනයේ යෙදෙන අයට එහි පවතින වාහන තදබදය හේතුවෙන් ඉතාමත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ.
 
රාජගිරිය බත්තරමුල්ල අතර දුර කිලෝමීටර් 4 කට ආසන්න වේ. එම දුර ගමන් කිරීමට සාමාන්‍ය න් විනාඩි 20 ක් පමණ ගතවුවද වාහන තදබදය පවතින විටක එය පැය එක හමාරක් පමණ කාලයක් ගත වන බව එම මාර්ගයේ ගමන් කරන මගීන් මැසිවිලි නගති.
කොළඹ අාශ්‍රිතව පැවති බොහෝ රාජ්‍ය ආයතන මේ වන විට බත්තරමුල්ල නගරය ආස්නයේ ස්ථාපිත කර ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top