1150 x 80 px

නොමිලේ ගිලන් රථ සේවා සඳහා ජර්මන් අනුග්‍රහය

මෙරට තුළ නොමිලේ ගිලන් රථ සේවා සැපයීම සඳහා ජර්මන් සංවිධාන කිහිපයක් ඉදිරිපත් වී සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවූ ජර්මන් රාජ්‍ය නිළධාරීන් පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මේ යටතේ හදිසි ගුවන් ගිලන් රථ සේවාවක් ද ආරම්භ වන අතර ඒ සඳහා හෙලිකොප්ටර් 4 ක් යෙදවීමට නියමිතය. මීට අමතරව ගිලන් රථ 1050 ක් සහ වෙනත් පහසුකම් සඳහා වාහන 240 ක් ද යෙදවීමට නියමිතය.

ජර්මන් නිලධාරීන් එකඟ වී ඇත්තේ ගිලන් රථ සේවාව සඳහා අවශ්‍ය සේවකයන්ට ජර්මනියේ නේවාසික පුහුණුවක් ද ලබාදීමටයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top