1150 x 80 px

ඉන්දු-පකිස්ථාන් ක්‍රිකට් තරගාවලියක් සඳහා SLC මැදිහත් වෙයි

ඉන්දියාව හා පකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඉන්දියානු වෙබ් අඩවියකට අදහස් දක්වමින් පවසා ඇත්තේ මෝඩි මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී හමුවූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

පකිස්ථානු මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය අගමැතිවරයා සුමතිපාල මහතාගේ යෝජනාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවයි.

අවසන් වරට දෙරට අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වුනේ 2007 වසරේදීය. එම වසරේ නෙවැම්බර් - දෙසැම්බර් මාසවලදී පකිස්ථානය ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර තරග 3 කින් සමන්විත වූ එම තරගාවලිය 1-0 ක් ලෙස ජයගැනීම ඉන්දියාව සමත් විය.

දෙරට අරත දේශපාලනික මතභේද හේතුවෙන් සහ පකිස්ථානය ආරක්ෂක තත්වය අයහපත්වීම හේතුවෙන් එතැන් පටන් දෙරට අතර ටෙස්ට් තරගාවලියක් සඳහා අවස්ථාව හිමි නොවීය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top