1150 x 80 px

71 සහෝදරත්ව සංසදයෙන් වාරික ප්‍රකාශනයක් !

71 සහෝදරත්ව සංසදය විසින් ‘නව පුරවැසියා නමින් වාරික ප්‍රකාශනයක් එළිදක්වා තිබේ.

71 සහෝදරත්ව සංසදයේ සාමාජිකයන්ගේ සිය අදහස් විවරණ හා ක්‍රියාකාරකම් පිළිබඳව පාඨක සමාජය දැනුවත් කිරීම උදෙසා ‘ජාතිවාදය හා අන්තවාදය පිටුදකිමු ' යන තේමාව යටතේ මෙම ප්‍රකාශනය පල කෙරේ. 

1971 අප්‍රේල් කැරැල්ලට සහභාගි වූ සාමාජිකයින්ගෙන් පමණක් සැදුම්ලත් සංවිධානයකි, 71 සහෝදරත්ව සංසදය. එම සමාජිකයින්ගේ ජීවිත අත්දැකීම් තුලින් ලියැවෙන මේ ලිපි මගින් පාඨක ජනතාවට ගත හැකි බොහෝ දේ ඇත. 

71 සිට අද දක්වා කාලය තුළ දෙවතාවක් දකුණේත් වරක් උතුරේත් සිදුවූ ජන නැගිටීම් හේතුවෙන් මේ රට රුධිරයෙන් නැහැවී හෙම්බත්ව ඇත. එවන් අදුරු යුගයක් නැවත හිස ඔසවන්නට ඉඩ නොතැබීම සඳහා සටන්කාමීන්ගේ  අත්දැකීම් හා අදහස් වත්මන් පරපුරට ලබා දීම මේ යුගයේ වැඩි වශයෙන් අවශ්‍ය වේ. 

එම ප්‍රකාශනයට මෙතැනින් පිවිසෙන්න

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top