Untitled 1

දුම් පානය ප්‍රවර්ධනය කිරීම මහරගම අපේක්ෂා රෝහලෙන්!

මහරගම අපේක්ෂා රෝහල, පිළිකා සුව කිරීමට මෙන්ම පිළිකා වලක්වා ගැනීමට කටයුතු කරන ආයතනයකි. නමුත් පිලිකා වැළදීමට තුඩු දෙන දුම් පානය හා බුලත්විට කෑම වෙනුවෙන්  ප්‍රවර්ධන කටයුතු කරන එනම් සජීවී නිදර්ශක සපයන ආයතනයක් බවට එම රෝහල පත්ව ඇති බව වාර්තා වේ.

මහරගම අපේක්ෂා රෝහලේ සමහර රාජකාරියේ යෙදී සිටින සුළු සේවකයින් රෝහල් පරිශ්‍රය තුලදීම දුම් පානය කරන්නේ රාජකාරී වේලාවන්හිදී දුම්පානය තහනම් ක්‍රියාවක් ලෙස චක්‍රලේඛණ වල තිබියදීය.

රාජකාරියේ යෙදෙන සුළු සේවකයන්ට අමතරව කුලී පදනම මත රෝගීන් බලා ගැනීමට සිටින පුද්ගලයන්ද මෙසේ සජීවී නිදර්ශක ලෙස ක්‍රියා කරයි.

නමුත් දුම් පානයෙන් වලකින ලෙසත් බුලත්විට නොකෑ යුතු බවටත් අවධාරණය කරමින්න් රෝහලේ බිත්ති පුරා පොස්ටර් අලවා තිබේ.

ශ්‍රී ලංකාව තුල බහුලම පිළිකා රෝගය වන්නේ මුඛ පිළිකාය. දුම් පානය හා බුලත් විට කෑම මෙසේ ලංකාවේ මුඛ පිළිකා ඉහළ යෑමට හේතු වී ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.


මහරගම අප්කේෂා රෝහල යනු ලංකාවේ සිටින පිළිකා රෝගීන් සඳහාම ප්‍රතිකාර කිරීමට විශේෂ වූ රෝහලකි. දිනකට බාහිර රෝගීන් 2500කට පමණ ප්‍රතිකාර කරනු ලැබේ.

- කේ. විජයවර්ධන-

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top