1150 x 80 px

අපට ඉන්නෙ දක්ෂ මුදල් ඇමතිවරයෙක් - නවීන් දිසානායක

 

මුදල් ඇමතිවරයාට නිදහසේ කටයුතු කිරීමට, තීරණ ගැනීමට අවකාශ තිබිය යුතු බවත් එහෙත් 1994 සිට එම වාතාවරණය වෙනස් වූ බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. 1977 සිට මුදල් ඇමති තනතුර වෙනත් පුද්ගලයන්ට හිමිව තිබූ බවත් එහෙත් 1994 සිට මුදල් අමාත්‍යංශය ජනාධිපති යටතට පත්වීම නරක පූර්වාදර්ශයක් වූ බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (19) සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමිනි.

එම නරක පූර්වාදර්ශය වෙනස් කරමින් යහපාලන රජය යටතේ මුදල් ඇමති තනතුරට වෙනත් පුද්ගලයෙකු පත්කිරීම ඉතා වැදගත් තීරණයක් බවයි දිසානායක මහතා පවසන්නේ.

රවී කරුණානායක මහතාට පමණක් නොව තම පියාට, ලලිත් ඇතුළත්මුදලි මහතාට පවා චෝදනා එල්ල වූ බවත් එහෙත් චෝදනා එල්ල වූ පමණින් පුද්ගලයෙකු වැරදිකරුවකු කළ නොහැකි බව ද නවීන් දිසානායක මහතා පවසයි.

රවී කරුණානායක මහතා ඉතා දක්ෂ පුද්ගලයෙකු බවත් ඔහු නිවැරදි තීරණ ගනිමින් කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

නිශාන්ත ප්‍රියදර්ශන

........

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top