1150 x 80 px

විජිතමුණිට එපා වූ ඇමතිකම්

ඉදිරි කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ දෙකක් හැර වෙනත් ඕනෑම අමාත්‍යංශයක් බාරගැනීමට සූදානම් බව වාර්මාර්ග අමාත්‍ය විජිතමුනි සොයිසා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද වාරිමාර්ග අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ඒ අනුව පශු සම්පත් සහ ධීවර යන විෂයයන් භාරගැනීමට අකමැති බව ඔහු පවසයි. කරපු පව් පින් ප්‍රමාණවත් බවත් තවදුරටත් පව් සිදුකර ගනිමින් සංසාරය දිගුකර ගැනීම අවශ්‍ය නැති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශගතව වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ට මෙරට වෛද්‍යවරුන් ලෙස කටයුතුකිරීමට හැකියාව ඇත්නම් රටතුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම ගැටලුවක් නොවන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top