1150 x 80 px

කැබිනට් සංශෝධනය සඳුදා

අදට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය ලබන සඳුදා දක්වා කල්දමා ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

දිගින් දිගටම කල් දමමින් තිබූ කැබිනට් සංශෝධනය අද දිනයේදී නිශ්චිතවම සිදුවන බවට වාර්තා පළවිය.

අගමැතිවරයා ඉදිරියේදී ඇමරිකානු සංචාරයක නිරතවීමට බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් ඒ කවදාදැයි මෙතෙක් වාර්තා වී නොමැති අතර බොහෝවිට ලබන සඳුදා දිනයේදී කැබිනට් සංශෝධනය සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත් එහිදී එක්සත් ජාතික පක්ෂය සතු අමාත්‍යංශ වෙනස් වන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top