Untitled 1

පොලීසියෙන් ජල සම්පාදනයට පොලු

ජල සම්පාදන මණ්ඩලය සිදුකළ සෙයා බැලීමකදී ඉංගිරි පොලීසිය නීතිවිරෝධී ලෙස ජලය ලබාගෙන ඇති බව හෙළිවී තිබෙනවා.

ඔවුන් විසින් වසර දහයකට ආසන්න කාලයක් මෙලෙස නීතිවිරෝධීව ජලය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ එකහමාරක පාඩුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉංගිරිය පොලීසිය ජල සම්පාදන මණ්ඩලයේ ජල මාපකයට ඉදිරියේ අනවසර ලෙස නළයක් සවිකර ජලය ලබාගෙන ඇති අතර පොලීසියට දඩ නියම කිරීමට කටයුතු කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top