1150 x 80 px

IMF එකේ උපදෙස් අපිට අවශ්‍ය නැහැ - රවී කරුණානායක (වීඩියෝ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යභාර්ය විය යුත්තේ රටකට උදව් කිරීම මිස රටක් ප්‍රාණ ඇපයේ තබාගෙන කටයුතු කිරීම නොවන බව දේශීය ආදායම් සේවා සංගමයේ 22 වැනි වාර්ෂික සමුළුවට එක්වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. අප කළ යුත්ත පිලිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දීම අවශ්‍ය නොවන අතර නව්‍යකරණය තුළින් හොඳම දේශීය අදායම් දෙපාර්තමේන්තුව අප සතුව පවතින බව ඔවුන්ට පෙන්විය යුතු යැයි  අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට ඉඩ නොදෙන බවයි කරුණානායක මහතා සඳහන් කළේ. ජනතාව අපේක්ෂා කරන පරිදි වත්මන් පාලනය රටට අහිතකර බලපෑම් ඇති කිසිවක් ක්‍රියාත්මක නොකරන බවද හෙතෙම පැවසීය.
 
මේ අතර ගෙවුණු වසර දෙකහමාර තුළ ආදායම 50% කින් වැඩිකර ගත්තේ ජනතාව මත බදු බර පටවා නොව  එතෙක් කාලයක් බදු නොගෙවූ පිරිස ශිලාචාර ලෙස බදු ගෙවන්නන් බවට පත්කරගත් හෙයින් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
දේශීය ආදායම් සේවා සංගමයේ 22 වැනි වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. 
 
ආශිකා බ්‍රාහ්මණ
 
 
ravi
ravi 1
ravi 2

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top