1150 x 80 px

ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ටාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා. ඒ අග්‍ර විනිශ්චයකාරවරයාගේ ප්‍රධානත්වයෙනි.
ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ඇය පාර්ලිමේන්තු නියෝජනය සඳහා නුසුදුස්සෙකු වන බවට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය අහෝසි කරන්නැයි ඉල්ලමින් ගීතා කුමාරසිංහ මහත්මිය මෙම පෙත්සම ගොනුකර තිබිණි. ඒ අනුව සැප්තැම්බර් මස 15 වැනිදා පෙත්සම අදාල පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top