1150 x 80 px

බොදුබල සේනා සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් නෑ - චම්පික රණවක
බොදුබල සේනා සංවිධානය සමග හෝ එහි වත්මන් ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ හෝ තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (19) ජාතික හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඥානසාර හිමි අල්ලා ගනිමින් තමාටත් පක්ෂයටත් මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත්ව තිබෙන බවත් ඥානසාර හිමියන් ආරක්ෂා කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
 
හිටපු ජනාධිපතිවරයා ඔවුන්ගේ විවිධ අරමුණු ඉටුකර ගැනීම සඳහා බොදුබල සේනා සංවිධානය හා එහි නායකයන් භාවිතා කළ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ. ඒ නිසා ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වගකිව යුත්තේ හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා බව ද ඔහු පවසයි. ජාතික හෙළ උරුමය විනාශ කිරීම සඳහා ඔවුන් ඥානසාර හිමියන් භාවිතා කළ බව ප්‍රකාශ කරන ඇමතිවරයා ප්‍රශ්න කරන්නේ එවැනි පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට හෝ ඔවුන් සමග සබඳතා පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
 
ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග එල්ල කරන මෙවැනි පුද්ගලයන් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග එක්ව කටයුතු කරන බවත් ඔවුන් මැඩලීම සඳහා රජයකට පියවර ගැනීමට සිදුවන බවත් පෙන්වා දෙයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top