1150 x 80 px

රවිරාජ් ඝාතන නඩුව - නාවික හමුදාවේ තුනකට සිතාසි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා නිළධාරීන් තිදෙනෙකුට කොළඹ අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබේ. ඒ අද (19) අභියාචනාධිකරණය ඉදිරියේ විභාග වූ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැත්වූ නඩු විභාගයෙන් අදාල ඝාතනයේ විත්තිකරුවන් වූ නාවික හමුදා නිළධාරීන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි. ඉන්පසු රවිරාජ් මහතාගේ බිරිඳ ශෂිකලා රවිරාජ් මහත්මිය අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකිරීමට කටයුතු කළාය.
 
කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රීති පද්මන් සූරසේන යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්දෙන් යුක්ත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) පෙත්සම විභාගයට ගැනුණු අතර අදාල නාවික හමුදා නිළධාරීන්ට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි නිකුත් කෙරිණි.
 
මෙම පෙත්සම් විභාගය ලබන සැප්තැම්බර් මස 04 වැනිදා විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top