Untitled 1

කොමදෝරු ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට - Update
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
2008 වසරේ කොළඹදී දෙමළ ජාතික තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
 
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, කොමදෝරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කළ අතර වැලිසර නාවික හමුදා රෝහලේදී ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top