1150 x 80 px

හාමුදුරුවනේ කැමතිනම් කුණු ගොඩට පනින්න, අපි කෙසේ හෝ විධායකය අහෝසිකරනවා - වික්‍රමබාහු කරුණාරත්න
විධායක ජනාධිපතිධුරය අහෝසි වියයුතු අතර එම බලය පාර්ලිමේන්තුවට හිමි විය යුතු බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. දැන් රටට අවශ්‍යවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට යටත් වූ විධායකයක් බවයි කරුණාරත්න මහතා පෙන්වා දෙන්නේ. භික්ෂුන් වහන්සේලා මීට එරෙහිව සටන් කරන බව පැවසුවද තමන් ඇතුළු පිරිසද විධායකය අහෝසිකරන තෙක් සටන් කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.
මේ මොහොත වන විටත් විධායක බලතල කුණු ගොඩට යවා ඇති බවත් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය නම් නැවත එය කුණු ගොඩෙන් ගෙන සටන් කර බලන්නැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කළේය. 1978 සිට සටන් කර පරාජය කරමින් පවතින් විධායක ජනාධිපතිධුරය සම්පුර්ණයෙන්ම ඉවත් කර පාර්ලිමේන්තුවට බලය ගෙනෙන තෙක් සිය සටනද අත්නොහරින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
 
ආශිකා බ්‍රාහ්මණ 
 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top