Untitled 1

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ජුලි 25 දක්වා රිමාන්ඩ්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ජුලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ (15) දිනයේ අත් අඩංගුවට ගනු ලැබූ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කයිට්ස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදී.

රට ම කැළඹ වූ අපරාධයක් වූ යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ මහ මොළකරු වන මහාලිංගම් ශශීකුමාර් නමැත්තාට පළායාම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව ලලිත් ජයසිංහට එල්ල වී තිබේ. මීට අදාල සාක්ෂි ද පසුගිය දා මහාචාර්ය තමිල්මාරන් විසින් යාපනය මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහව අද (16) අනුරාධපුර බන්ධනාගාරය වෙත ගෙන යාමට නියමිත බව 'ලංකා නිව්ස් වෙබ්' වෙත වැඩි දුරටත් වාර්තා වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top