Untitled 1

චීනයේ කැලෑවට ගිය නගරය !
අනාගත ලෝකය මුහුණ දෙන ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ මිනිසුන්ට ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් මට්ටම අවම වීමයි. මේ සඳහා බලපාන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ය. මෙම අභියෝගය ජයගැනීමේ අරමුණින් අනාගත ප්‍රජාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ව්‍යාපෘතියකට චීනය මුල් පියවර තබා ඇත.. ඒ 'හරිත නගර' ව්‍යාපෘතියයි.
චීනයේ ගුවංග්ෂි පළාතේ ලිව්ෂොව්හි ඉදිවන මෙම ලොව ප්‍රථම 'හරිත නගර' ව්‍යාපෘතිය 30,000 කට පමණ දිවිගෙවීම සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිවනු ඇත.
 
මෙම ව්‍යාපෘතියේ නිර්මාපකයා වන්නේ ස්ටෙෆානෝ බොඑරි ය.
 
මෙම ව්‍යාපෘතිය කලාපයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, වාතයේ උෂ්ණත්වය අවම කිරීම, වාතයේ ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා ඉවහල් වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම හරිත නගරය වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් ටොන් 10,000 ක් අවශෝෂණය කරගන්නා අතර ඔක්සිජන් වායු ටොන් 900 ක් ජනනය කරයි.
 
හරිත නගරයේ ඉඩ ඇති සෑම තැනකම වෘක්ෂ ලතාවන්ගෙන් පිරී ඇති අතර සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ස්වයංපෝෂිත වේ.
 
වාණිජ්‍ය කලාප, පාසල්, රෝහල්, කාර්යාල පහසුකම්, නේවාසික ප්‍රදේශ ඇතුළු නගරයකට අවශ්‍ය සියලු පහසුකම්වලින් පොහොසත් මෙම හරිත නගරය විදුලි මෝටර් රථ සහ සීග්‍රගාමී දුම්රිය මාර්ග ඔස්සේ ප්‍රධාන නගරය හා සම්බන්ධ වනු ඇත.
 
ලියුසියැං ගංගාව අසල ඉදිවන මෙම නගරය හෙක්ටයාර 175 ක් පුරා ව්‍යාප්ත වුවකි. හරිත නගරය සිසාරා ප්‍රභේද 100කට අධික මිලියනයක පමණ විවිධ ශාක රෝපණය කිරීමට නියමිතය.
 
මෙම හරිත නගරය 2020 වසර වනවිට සම්පූර්ණ වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර ඉන්පසු එය ලොවපුරා ඉදිවන හරිත නගර සඳහා ආදර්ශ නගරයක් වනු ඇති බව චීනයේ බලාපොරොත්තුවයි.
 
ආශිකා බ්‍රාහ්මණ 
 
 
green city

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top