Untitled 1

19 ක් ආණ්ඩුවෙන් යනවා - ජෝන් සෙනෙවිරත්න
යහපාලන ආණ්ඩුව සඳහා ශ්‍රීලනිපය හා එජාපය අතර එකඟතාවය අවසන්වීමෙන් පසු මන්ත්‍රීවරුන් 19 ක් ආණ්ඩුවෙන් ඉවත්වීම ස්ථිර බව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් එජනිස ලේකම් මහින්ද අමරවීර මහතා පවසන්නේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට විවිධ කටකතා ප්‍රචාරය වුවද කිසිදු මන්ත්‍රීවරයෙක් තවමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
 
ලබන දෙසැම්බර් මාසය දක්වා ඉවසන ලෙස මේ වනවිට ජනාධිපතිවරයා ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් සිදුකර තිබේ. මේ වනවිට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව දෙසැම්බර් මාසයේදී ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව රැස්වී ශ්‍රීලනිප-එජාප එකඟතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කොට නිශ්චිත තීරණයක් ගන්නා බව මහින්ද අමරවීර මහතා පවසයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top