1150 x 80 px

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 1. නූරි වතුඅධිකාරී ඝාතනය

ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ විසින් අපරාධකරුවන් බේරාගැනීම සඳහා ක්‍රියාකර තිබෙන්නේ යාපනය විද්‍යා දැරිය ඝාතන සිදුවීමේ දී පමණක් නොවන බව වාර්තා වේ. පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමයේ එම රජයට හිතවත් වූ සැකකරුවන් වෙනුවෙන් නි.පො.ප. ලලිත් ජයසිංහ එළිපිට ම පෙනී සිට තිබේ.

මෙහිදී මුලින් ම වාර්තා වන්නේ දැරණියගල නූරිවතු යායේ අධිකාරිවරයාව කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව ය. 2013 වර්ෂයේ ජුලි 05 වනදා නූරි වතුයායේ අධිකාරීවරයා වූ නිහාල් පෙරේරා මහතාව සාහසික ලෙස ඝාතනය කරණ ලද්දේ එවකට දැරණියගල ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වූ අනිල් චම්පික විජේසිංහ හෙවත් 'අතකොටා' ඇතුළු පිරිසක් විසිනි. දැරණියගල ප්‍රදේශයේ භීෂණයක් පවත්වාගෙන ගිය 'අතකොටා'ව මෙකී වතු අධිකාරීවරයා ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීම සඳහා පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට එවකට එම ප්‍රදේශය භාරව සිටි ලලිත් ජයසිංහ නි.පො.පතිවරයා පවසා තිබුණේ "අනේ මේ අපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. හරි හොඳ ළමයෙක්. නිකං ඉන්න" යනුවෙනි.

එදා ලලිත් ජයසිංහ එසේ පවසා ඇත්තේ එවකට සහකාර පොලිස් අධිකාරීවරයකු වූ, අද නුගේගොඩ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහට ය. අනිල් චම්පික යනු නිකම්ම නිකම් මැරයකු නොව සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත්ගේ හොඳ ම ගෝලයා ය, ඉහළ ම මැරයා ය. අනිල් චම්පික හෙවත් අතකොටා විසින් ප්‍රදේශය පුරා පතුරුවන ලද්දේ මහීපාලගේ දේශපාලන භීෂණය ය.

පසුව අත් අඩංගුවට ගැණුනු අනිල් චම්පික හෙවත් අතකොටා ඇතුළු 21 දෙනෙකුට අදාලව නඩුව වසර තුන හමාරක් තිස්සේ අවිස්සාවේල්ල මහාධිකරණයෙහි විභාග කෙරුණු අතර අතකොටා ඇතුළු 18 දෙනෙකුට මරණ දඬුවම නියම විය. එහෙත් 71 හැවිරිදි වතු අධිකාරීවරයාට දස වධ දී ඝාතනය කළ 'අතකොටා' සිද්ධිය ආසන්න යුගයේ දී ලලිත් ජයසිංහට අනුව 'හොඳ ළමයෙක්' වී තිබුණු අතර ඔහු සම්බන්ධයෙන් ගතයුතු පියවර 'නිකම් ඉඳීම' වී තිබිණි. දැරණියගල ප්‍රදේශයම කැළඹූ නූරි වතු අධිකාරීවරයා ඝාතනය ඉදිරියේ මෙසේ වගකීමෙන් තොරව තම හිතවතුන් වෙනුවෙන් පෙනී සිටි ලලිත් ජයසිංහ රට ම කැළඹූ විද්‍යා ඝාතනයේ මහමොළකරුට පැනයන්නට ඉඩ දීම එක් අතෙකින් පුදුමයක් ද නොවේ.

මීළඟට 'කුරාම් ශෙයික් ඝාතනය කළ සම්පත් විදානපතිරණ බේරාගැනීමට ලලිත් ජයසිංහ තැත් කළ හැටි' බලාපොරොත්තු වන්න ... 

 

සබැඳි පුවත් 

ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ජුලි 25 දක්වා රිමාන්ඩ්

රහස් පොලිසිය ලලිත් ජයසිංහ යාපනේ රැගෙන යයි! 

පොලිස් කොමිසම දෙවසරකට පසු නින්දෙන් ඇහැරෙයි

මහාචාර්ය තමිල්මාරන් විද්‍යා නඩුවේ සාක්කි දෙයි !

DIG ලලිත් ජයසිංහ විද්‍යා නඩුවෙන් බේරාගත් හැටි හිටපු DIG විස්තර කරයි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top