1150 x 80 px

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වැලිකඩින් වැලිසරට මාරු කරලා

2008 වසරේදී කොළඹ ආශ්‍රිතව සිසුන් 5 දෙනෙකු ඇතුළු 11 දෙනෙකු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියම කෙරුණු හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායකව වැලිකඩ බන්ධනාගාරයෙන් යළිත් වැලිසර නාවික හමුදා රෝහල වෙත මාරු කර යවා ඇතැයි වාර්තා වේ.

අදාල චෝදනාව සම්බන්ධයෙන් කොමදෝරු දසනායකව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට නීතිපති දෙපාර්තමේන්තුවේ ඔහුගේ හිතවතුන් විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහු වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් වී තිබිණි. ඔහුව අත් අඩංගුවට ගන්නා ලද්දේ එහිදී ය. ඔහුට ඇති රෝගයක් නොමැති බවට ඒ මොහොතේ ද වෛද්‍යවරුන් සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු මෙසේ වෙනත් රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරු කර යැවීමට අවශ්‍ය නම් ඔහුව මුලින් අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් පරීක්ෂා කර සිටිය යුතුය. නිසි ක්‍රමවේදය වන්නේ එයයි. එහෙත් ඊනියා 'රණවිරු' ලේබලයට මුවා වී හිඳිනා පදක්කම් ලාභී දසනායකලාට තවමත් ක්‍රියාත්මක වන්නේ වෙන ම නීතියක් බව පෙනේ.

අවම වශයෙන් ඊයේ අත් අඩංගුවට ගනු ලැබූ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මෙසේ අත් අඩංගුවට පත් වීමට බියෙන් රෝහල් කරා රිංගූයේ නැත. ඊයේ ඔහුව යාපනය කරා රැගෙන ගිය මෝටර් රථය අතරමඟ අනතුරකට ලක් වී තිබිය දී පවා ලලිත් ජයසිංහ රෝහලකට ඇතුළත් වන්නට දඟලා තිබුණේ නැත. එහෙත් අත් අඩංගුවේ ඉන්නට බැරි දෙවරක් පදක්කම් ලැබූවන්ට ය. මේ අතර වැඩිදුර තොරතුරු අනාවරණය කරන්නේ කොමදෝරු දසනායක ඕස්ට්‍රේලියාවට මිනිසුන් යැවූ මිනිස් ජාවාරම්කරුවන් සමඟ ද සබඳතා පවත්වා ඇති බවය.

සබැඳි පුවත් 

අතුරුදන් කරවීමේ චෝදනා ලත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රක්ෂිත බන්ධනාගාරයට

හිටපු නාවික හමුදාපතිට සහ වත්මන් නාවික හමුදාපතිටත් අතුරුදන් කරවීමේ චෝදනා එල්ල වන ලකුණු

ඩෝරාවෙන් උසාවි එන කොමදෝරු දසනායක

කොමදෝරු ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට - Update

ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගැනීමට නියෝග

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top