1150 x 80 px

කොළඹ කුණු පුත්තලමට අදින්න ටෙන්ඩර් කැඳවයි
පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ කසල බැහැර කිරීමේ මධ්‍යස්ථානය වෙත කොළඹ කැලි කසල ප්‍රවාහනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව වාර්තා වේ. මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසන්නේ මේ සඳහා දේශීය ව්‍යවසායකයන්ට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි බවයි.
මේ වනවිට ආයතනය තුනක් යෝජනා ඉදිරිපත් කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.
 
මෙම කසල බැහැර කිරීමේ ව්‍යාපෘතිය දිගුකාලීන ව්‍යාපෘතියක් වන අතර වසර දෙකක කාලයක් සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.
 
ලෝක බැංකු ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top