Untitled 1

දඹුලු ලෙන් විහාරයේ ප්‍රතිසංස්කරණ කටයතු කඩිනමින් අවසන් කරනවා - අකිල විරාජ්

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ අද (17) පෙරවරුවේ බැහැ දුටුවේය.

දඹුලු ලෙන් විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන බව එහිදී මහා නායක හිමියන් වෙත දැනුම් දුන් බව අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මහා නායක හිමියන් සමග දීර්ඝවශයෙන් සාකච්ඡා කළ අතර ලෙන් විහාර ආරක්ෂා කර ගැනීම ප්‍රධාන අරමුණ වන බව අමාත්‍යවරයා සදහන් කළ බව ද ලේඛකාධිකාරී හිමියන් සදහන් කළහ.

නුවර නදීක දයා බණ්ඩාර

....

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top