දඹුල්ල රෝහලේ උපත් පාලන මගඩිය හෙළිකළ මාධ්‍යවේදී කාංචන පොලිසියට කැඳවීම මාධ්‍ය මාර්ධනයක්

දඹුල්ල මුලික රෝහලට දරු ප‍්‍රසුතිය සදහා පැමිණෙන මව් වරුන්ට ඹවුන්ගේ අවසරයෙන් තොරව උපත් පාලන ලූපයක් පළඳවන සිද්ධිය සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තාකරණයේ නියැලෙමින් ඒ ගැන අනාවරණය කළ මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාට විරුද්ධව පොලිස්පතිවරයා හට වෛද්‍යවරයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව, දඹුල්ල මූලස්ථාන පොලිසිය මාධ්‍යවේදී කාංචන කුමාර මහතාගෙන් පසුගිය 09 වනදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ .


එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් දඹුල්ල මුලික රෝහලේ වෛද්‍යවරයෙකු මාධ්‍යවේදියාට එරෙහිව පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතා මේ ආකාරයෙන් පොලිසියට කැඳවා තිබිණි.
එම වෛද්‍යවරයා සිය පැමිණිල්ලෙන් කියා ඇත්තේ එම මාධ්‍යවේදියා මාධ්‍ය ආචාර ධර්ම හා රෝහල් ආචාර ධර්මවලට පටහැනිව රොහලේ වාට්ටු සහ රෝගින් විඩියෝ සහ ඡායාරුප ගත කොට මාධ්‍යය මගින් රටට හෙළිකිරිමත් සමග දඹුල්ල මුලික රෝහලට අපකිර්තියක් ඇති වු බවයි.
රාජ්‍ය නිලධාරියෙකු ලෙස අදාල වෛද්‍යවරයා මේ ආකාරයෙන් තමන් විසින් සිදුකරන ලද වරද වසන් කරගැනීම සදහා මේ ආකාරයෙන් මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට විරුද්ධව පැමිණිලි කිරීමෙන් පෙනී යන්නේ රට තුළ පවතිනවා යැයි පවසන ජනතාවට ඇති තොරතුරු දැනගැනීමේ අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ද බරපතල අභියෝගයක් සිදුකර ඇති බවයි . .
රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් පමණක් නොව ජනතාවගේ ජිවිතත් සමග කටයුතු කරන වෛද්‍යවරුන් තමන්ගේ යුතුකම වගකීම නිසි අයුරින් සිදුනොකොට ජනතාවගේ ජිවිත සමග සෙල්ලම් කිරීම සිදුකරනවා නම් ඒ සම්බන්ධයෙන් නොබියව වාර්තාකරණයේ යෙදීමට කිසිසේත් අප මාධ්‍යවේදීන් පසුබට නොවන බවත්, මේ ආකාරයෙන් පොලිස් පැමිණිල්ලකින් මාධ්‍යවේදියාගේ කටයුතු නතර කිරීමට දරන පහත් උත්සාහයට වඩා තමන් අතින් ජනතාවට සිදුවන වැරදි නතර කරගැනීම ආදර්ශයක් බව වෛද්‍ය වරුන් මෙන්ම සියලු දෙනාම දැනගත යුතු කරුණකි .
මාධ්‍යවේදින් හට ආචාර ධර්ම තිබේ .එමෙන්ම වෛද්‍යවරයට ද ආචාර ධර්ම තිබේ .වෛද්‍යවරුන් ආචාර ධර්ම කඩ කරමින් ජනතාවගේ ජිවිත අනතුරේ හෙලන අවස්ථා එමට ය. එවැනි අවස්ථාවන්හි ආචාර ධර්ම රකිමින් මුනිවත රැකීම පොදු යහපත උදෙසා ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නියැලෙන මාධ්‍යවේදියාගේ කාර්ය නොවන බව ද සියලු දෙනාට අවධාරණය කිරීමට කැමැත්තෙමි .
වෛද්‍යවරුන් මෙන් තම වැටුප වැඩිකර ගැනීමට තම දරුවන් ජනප්‍රිය පාසල් වෙත දමා ගැනීමට රෝගී ජනතාවගේ ජිවිත අනතුරේ හෙලන්නාක් මෙන් කුමන අවස්ථාවක දි වත් මාධ්‍යවේදීන් ජනතාව මග හැර සිටියේ නැත. තමන්හට එල්ල වන කුමන අභියෝග හමුවේ වුව ද මාධ්‍යවේදියා තම ජනතා සේවය මැනවින් ඉෂ්ට කරන බව මේ සියලුදෙනා දැනගත යුතු කරුණකි .
අතීතයේ ලසන්ත වික්‍රමතුංගලා ඝාතනය කර මාධ්‍යවේදීන් මෙල්ල කරන්නට ගත් එකාධිපති පහත් උත්සහයන් තුල පවා මාධ්‍යවේදීන් තව තවත් ශක්තිමත් විය. ,එකතුවිය .එමෙන්ම දඹුල්ල රෝහලේ සිදුවන මෙම සිද්ධිය වාර්තා කළ පමණින් තම වැරැද්ද නිවැරදි කර ගැනීමට වඩා මාධ්‍යවේදියාට විරුද්ධව පොලිසියේ පැමිණිලි කර ඔවුන් බලාපොරොත්තු වූ දෙය සිදු කර ගැනීමට නොහැකි බවත් එය මාධ්‍යවේදියා අතට තවත් පලිහක් බවත් සියලු දෙනා දැන ගතු යුතු කරුණක් වේ .
නමුත් මෙවැනි දේ මාධ්‍යවේදීන්ගේ නිදහස් වාර්තාකරණයට හා ඒ සඳහා ඇති අයිතීන් හට එල්ලවූ තර්ජනයක් නොවුනත් මෙය මාධ්‍ය මර්දනයට කටයුතු කිරීමක් ලෙස මෙම ක්‍රියාදාමය දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් තරයේ හෙළා දකිනු ලැබේ . එමෙන්ම අදාල සිද්ධිය සම්බන්ධයෙන් අනුබල ලබාදුන් අය මෙන්ම එය සිදුකළ,එය සිදුකිරීමට තැත්කළ අය සම්බන්ධයෙන් තනතුරු තානාන්තර පසෙක ලා වහා නීතිය හමුවට පමුණුවන ලෙසත් සියලු වග කිවයුතු පාර්ශවයන්ගෙන් දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය දැඩිව ඉල්ලා සිටි .
මෙයට විශ්වාසී
මාධ්‍යවේදී,
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි,
සභාපති
දකුණුපළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top