1150 x 80 px

 

සුළුගුණේට මොණර ආක්‍රමණයක්!

රංචු වශයෙන් පැමිණෙන මොනරුන් නිසා විල්ගමුව, සුළුගුණේ ගම්මානයේ ගොවියන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.


නකල්ස් රක්ෂිතයට යාබදව වනගත ප්‍රදේශයක පිහිටි මෙම ගම්මානයේ පවුල් පනහක් පමණ ඇති අතර ඔවුන් සියලු දෙනාගේම ජීවිකාව වන්නේ ගොවිතැනය. යල හා මහ දෙකන්නයේ වී ගොවිතැන කරන ගොවියන් සිය ගොඩ බිම්වල හේන් වගාව ද සිදුකරති. වැසි දියෙන් මෙන්ම සුළුගුණේ ගම්මානයේ කෙලවර පිහිටි වැවෙන් වගාවන් සදහා ජලය ලබා ගන්නා ගොවියන්ට මෑතක්වන තුරු වන අලියන්ගේ තර්ජන එල්ලවී තිබුණත් අලි වැටක් ඉදිකිරිම නිසා මේ වන විට අලියන්ගේ තර්ජන නොමැති බව ගම්මාසීන් පවසති.


නමුත් මෑතක සිට රංචු වශයෙන් පැමිණෙන මොනරුන් සිය වගාව විනාශ කර දමන බවට ගොවියන් මැසිවිලි නගති. සුළුගුණේ ගම්මානයේ අක්කර පහනකට අධික භූමි ප්‍රමාණයක් වී වගා කර ඇති අතර ඒ සෑම කුඹුරක් ම මොනරුන්ගේ තර්ජනයට ලක්ව තිබේ. කුඹුරට ඉසින ලද වී ද මෑ, බෝංචි, බඩඉරිගු වැනි භෝග වගාකළ පසු පැලවෙන බීජ මොනරුන් විසින් ආහාරයට ගන්නා බව ගොවියන් කියති. මේ වන විට ගම්මානයේ මොනරුන් පනහකට අධික ප්‍රමාණයක් සැරිසරන බව ප්‍රකාශ කරන ගොවියන් වරකට පහළොවකින් පමණ යුතු මොනර රංචු වගාවට පැමිණ හානි කරන බව ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් තමන්ට කෘෂිකර්මාන්තයේ නිරතවීම මහත් ගැටලුවක් බවත් මේ සදහා විධිමත් විසදුමක් ලබා දෙන ලෙස ගොවියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
නදීක දයා බණ්ඩාර - මහනුවර

pea1

pea2

pea3

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top