කහදමෝදර දී දියෙ ගිලී යුක්රේන ජාතිකයෙකු මියයයි
රන්න කහදමෝදර ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගිය වයස වුරුදු 73 ක පමණ  යුක්රේන ජාතිකයෙකු අද (04) දහවල්  දියේ  ගිලි මියගොස් ඇත. එම වෙරල ආසන්නයේම තිබෙන සංචාරක හෝටලයක් මෙම විදේශිකයා නැවතී සිට තිබේ.
 
 
දියෙගිලිමෙන් පසුව ගොඩට ගත විදේශිකයාව රන්න රෝහලට රැගෙන එනවිට ද මෙම විදේශිකයා මිය ගොස් තිබුණු බව පැවසේ. 2015 .11. 22 දිනද මෙම ස්ථානයේ මුහුදේ දියනෑමට ගිය මෙම සංචාරක හෝටලයේම නැවතී සිටි විදේශිකයින් තුන්දෙනෙකු මුහුදේ ගසා ගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ . මෙම ප්‍රදේශය තුල බොහොමයක් සංචාරක හෝටල් තිබුණ ද එම හෝටල් තුලට පැමිණෙන විදේශිකයින්ගේ ආරක්ෂාව උදෙසා ජිවිත ආරක්ෂකයින් යොදවා නොමැති බව ප්‍රදේශවාසීන් පවසති.
 
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top