ශාන්තිකර සහයෝගිතා 2017- සංස්කෘතික සංදර්ශනය මාතර දී

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප නාවික බලඇණියට අයත් නෞකාවක් වන ''ෆෝල් රිවර්'' නෞකාව   මගින් දිවයිනට පැමිණි ඇමරිකානු නාවික හමුදා සංගීත කන්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා වාදක සහ නර්තන කන්ඩායම හා එක්ව ඉදිරිපත් කල සංගීත සන්දර්ශනය ඊයේ (14) සවස සිට  මාතර වෙරළ උද්‍යානයෙහි දී පැවැත්විණි.

 මෙම සංගීත මිහිර විදගැනීමට  පාසල් ළමුන් ඇතුලු බොහෝ  පිරිසක් එක්වූ අතර සංගීත සැදෑව බැලීම සදහා පැමිණි සියලු දෙනාගේ මහත් සතුටට සහ ප්‍රීතියට පත්වූවේ ඇමරිකානු සංගීත කන්ඩායම සිංහල භාෂාවෙන් ඉදිරිපත්කල ගීතයකටය.

- කැලුම් ජයවීර - මාතර -

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top