1150 x 80 px

අබලන් වී ඇති හාලිඇල බෝගහමඩිත්ත පාලම ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ 2 කණුව අසලින් බදුලු ඔය හරහා ඉදි කර ඇති පාලම දැඩි ලෙස අබලන්ව මහජනයාට ගමන් කිරීමට අපහසුව ඇති බව වාර්තාවීමෙන් පසු,

ඒ පිළිබඳව පරික්ෂා කිරීමට ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ එම්.පී. ජයසිංහ මහතා එම ස්ථානයට ගොස් එහි වත්මන් තත්ත්වය නිරික්ෂණය කරන ලදි. ඒ අනුව, ආණ්ඩුකාරවරයා වහාම එම පාලමේ පෞරාණික බව ආරක්ෂා වන පරිදි අලුත් වැඩියා කිරීමටත්, ඒ වෙනුවට නව පාලමක් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලා කටයුතු කරන ලෙසත්, ප්‍රාදේශීය ඉංජිනේරුවරයාට සහ පළාත් පාලන ඉංජිනේරුවරයාට උපදෙස් දෙන ලදි.
එම අවස්ථාවට සහභාගි වූ ගම් වැසියන් විසින් මෙතෙක් කිසිදු බලධාරියෙකු මෙම පාලම පිළිබඳ සොයා බැලීමට නොපැමිණි බවත් ඌව පළාත් ආණ්ඩුකාරතුමා පැමිණ මෙසේ පරික්ෂා කර බලා අවශ්‍ය උපදෙස් ලබා දීම පිළිබඳව සිය ස්තූතිය පළකරන බව පවසන ලදි.
මේ අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම් එච්.එම්. සෝමතිලක, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරි කීර්ති දසනායක, ප්‍රාදේශීය මාර්ග ඉංජිනේරු ආර්.එම්.ඒ.එස්. රත්නායක, හාලිඇල ප්‍රාදේශිය සභා කාර්මික නිලධාරී ආර්.එම්. සුනිල් ශාන්ත, මහවත්තේ ගම ග්‍රාම නිලධාරි ඇතුළු නිලධාරීන් සහභාගි විය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top