1150 x 80 px

යුද්දේ කාලෙට වැඩිය අපි දැන් දුක්විදිනවා - මොරවැව ජනතාව

වසර ගනනාවක් මිනිසුන්ගේ ජිවිත යුද්දය විසින් වෙලා ගෙන තිබී එම බිහිසුණු යුද්දය නිමා වුවත් එහි අමිහිරි මතකයන් හා ඒ නිසා සිදුවූ මිනිසුන්ගේ ජිවිත වල ඇද වැටීම බොහෝසෙයින් අදටත් පවතී .
යුධ ගැටුම් ආරම්භ වීමට ප්‍රතම ඉතා සශ්‍රීක ගොවි ජනපදයක් වු මොරවැව යාය 6 ගම්මානය යුධ ගැටුම් ඇරඹුමත් සමග අරාජික විය.

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ යුද්ධය හේතුවෙන් ජනශූන්‍ය වු ගම්මාන අතරින් මොරවැව යාය 6 ගම්මානයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ.යුද්දය හේතුවෙන් වසර විසි දෙකකට වැඩි කාලයක් ජනශූන්‍යව පැවති මොරවැව යාය 6 ගම්මානය යුද්ධය නිමාවීමත් සමග ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි කිරීම් සිදුකල පළමු ගම්මානයයි.නැවත පදිංචියට පැමිණියත් මොරවැව ජනතාවට හිමිව තිබු කිසිවක් එහි නොවිය යුදය විසින් එම සියල්ලම ගිලගෙන තිබුණි එම නිසාම ඔවුන් නැවත පදිංචියට ඒමට පෙර සිටම රජයෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමකි එනම් ඒ පානීය ජල ගැටළුවට හා ගොවිතැනට අවශ්‍ය වන ජල ගැටළුවට විසදුම් ලබා දෙන ලෙසය


එහෙත්,නැවත පදිංචි කිරීම් සිදු කොට වසර දහයක් ගතවන තැන අදටත් ඉටු නොවු ඉල්ලීම් අතර එම මානුෂීය ඉල්ලීම් පෙරමුණ ගන්නා බව මොරවැව යාය 6 ගම්මානයේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ජේ.එම්.ජයසිරි මහතා කියා සිටි ''එල් ,ටි ,ටි .එකෙන් බැට කෑවට වැඩ අපි දැන් ප්‍රහාරයකට ලක්වෙලා ඉන්නේ එන්න පාරක් ණෑ බොන්න වතුර ටිකක් හරියට ණෑ ඒ හැම දුකක්ම විදගෙන ඉන්න අපි ගැන එහෙම බලන්නේ නැත්තේ කියන එක ගැන කනගාටුවට කරුණක් බවයි ඔහු ප්‍රකාශ කර සිටින්නේ ''


සිංහල ,දමිල ,මුස්ලිම් යන ජනවර්ග තුනම එකට ජිවත්වන මොරවැව හුදු කාගේත් කතා බහට ලක්වන සන්හිදියාවට කදිම නිදසුනක් නමුත් අද වන විට මේ ජනවර්ග තුනේම ජනතාවගේ ජීවිතද එහි මාර්ගයන් තරමටම අබලන්වී ඇත . ත්‍රස්තවාදි තර්ජනය අවසන්වී සැනසුම් සුසුම් හෙලීමටත් පෙර මොරවැව ජනයා තවත් ව්‍යසනයකට මුහුණ පා සිටිති. ඒ වෙනකක් නොව,වකුගඩු මාරයායි.උතුරු මැද පළාතට මායිම්ව පිහිටි මොරවැව ප්‍රදේශයද මේ වන විට වකුගඩු ව්‍යසනයට බරපතල ලෙස ලක්වෙමින් සිටින අතර,ඊට මූලිකම හේතුව පිරිසිදු පානීය ජල ගැටළුව බව ගම්වාසීන් පෙන්වා දෙති.


ප්‍රෙදේශයේ ලිං හා වෙනත් ජල මූලාශ්‍ර කොතෙකුත් පැවතියද,එම ජලය පානයට නුසුදුසු බැවින් ජනයා පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සදහා විශාල දුරක් ගමන් කිරීමටත්,මුදලට ජලය ලබා ගැණීමටත් සිදුව ඇති බවයි කේ .මල්ලිකා මහත් මිය පෙන්වා දෙන්නේ .'' අපි නැවත පදිංචියට ආවට පස්සේ අපිට මෙහි ස්ථිර නිවාස නෑ ,පානිය ජලය ණෑ , ගොවිතැන් කටයුතු සදහාද දුස්කරතා තියෙන බවද ය පෙන්වා දෙයි .''මොරවැව ප්‍රදේශයේ යුද්ධයට පෙර තිබු සිංහල පාසල ගරා වැටීම නිසා ප්‍රදේශයේ සිංහල දරුවන්හට පාසලක්ද අහිමි වී තිබේ .එම නිසා ප්‍රදේශයේ සිංහල දරුවන්හට කිලෝමීටර් 20 ක් පමණ මහදුල්වැව පාසලට යාමට සිදුව ඇතිබව ප්‍රදෙෂවාසියෙකු වන ජි එස් ආර් අබේසේකර පවසා සිටි .


දරුවන් පාසල් වලට යැවීමට ඇති ආර්ථික දුෂ්කරතා නිසා සමහර ළමයින්ට පාසල් යාම පවා අහිමි වෙලා තියෙනවා මේක මහා කෙදවාචකයක් .දන අපි යුද්දේ කාලයට වඩා දුක් විදින බවයි ජි එස් ආර් අබේසේකර පවසා සිටින්නේ අපි යුද්දේ කාලේ කොටි ගහපු නිසා මෙහෙ ඉදලා ගියා පස්සේ ආවට පස්සේ ආණ්ඩුවෙන් ලබාදුන් ලක්ෂ දෙකාමරක ආධාර යටතේ පොඩි ගෙයක් හද ගත්තා ,නමුත් අපිට ජිවත් වෙන්න ක්‍රමයක් ණෑ , බොන්න වතුර ණෑ ,යන්න පාරක් ණෑ ඉස්සර ගොවි තැන කලේ දන ගොවිතැන් කරන්න වතුර ණෑ දන කොහේ හරි වැවකට ගිහිල්ලා මාළු ටිකක් අල්ලාගෙන ජිවත් වෙන්න සිදුවෙලා තියෙන බව ඒ .එම් ,මහරුෆ් පවසා සිටි.


මොරවැව ජනතාවගේ පානිය ජාල ප්‍රශ්නයට විසදුමක් ලෙස රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සදා දුන් ප්‍රජා ජාල ව්‍යාපෘතියද අද වන විට අකර්මන්‍ය වී තිබේ .එමෙන්ම ප්‍රදේශයේ ඇති ළිං තුල ඇති ජලයද පානය කිරීමට නොහැකි තත්වයේ පැවතියත් එම ජලයද පානය කිරීමට අද වන විට මොරවැව ජනයාට සිදුව තිබේ.මොරවැව යාය 6 ප්‍රෙදේශයේ ජනයා මුහුණ දෙන මෙම ගැටළු සම්බන්ධයෙන් රජයේ අවධානය යෝවුවී ඇද්දයන්න විමසා බැලීම සදහා කල විමසීමකදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන් ,ඒ ,ඒ ,පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කර සිටියේ මේ වසර තුල එම ජතාව මුහුණ දී ඇති ප්‍රශ්න විසදීමට කටයුතු සැලසුම් කර ඇති බවයි


රාහුල් සමන්ත හෙට්ටි ආරච්චි - හම්බන්තොට

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top