Untitled 1

මාතර මහ රෝහලේ වැරදි එන්නත් ලබාදීම හේතුවෙන් රෝගීන් අනතුරේ!

මාතර මහ රෝහලේ නොසැලිකිලිමත් කම නිසා වැරදි එන්නත් ලබාදීම හේතුවෙන් පසුගිය දිනක දරුවෙකු මිය ගිය සිදුවීමක් වාර්තා වූ අතර මෙවර ද වැරදි එන්නතක් ලබා දීමෙන් වයස අවුරුදු 4 ක දරුවා බේරී ඇත්තේ අනූ නමයෙනි.

මාතර,සුල්තානාගොඩ ජිවත්වන ආර්.පි.සෞම්‍ය සෙවිමිණි දරුවා ඉකුත් 09 වැනිදා මාතර මහරෝහලේ දී ලබා දී තිබූ එන්නතක් හේතුවෙන් අසාත්මිකතාවයකට භාජනය වී තිබේ.
මෙම දරුවා උණ හා සෙම රෝගයෙන් පෙළීම නිසා 12 වාට්ටුවට ඇතුළත් කර තිබුණි. 10 වැනි දා දරුවාට එන්නතක් විදිම හේතු කර ගෙන හොඳින් සිටි දරුවා ඉක්මනින්ම අසාධ්‍යතාවයට පත් විය.
මෙය දුටු හෙදිය තුංඩුවේ ලියනු ලැබු බෙහෙත වහා ටිපෙස්ක්ස් කිරීමට යුහුසුළ වී ඇත.
ඉන් පසුව සුවයක් නොවූවද දරුවාගේ ටිකට් කපා ඇත. පසුව ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට දරුවා ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට ලබා දුන් වැරදි එවන්නත පිළිබඳව ඉස්මතු විය. පත්වූ තත්වයෙන් එම රෝහලේදී සුවය ලැබුවත් වෛද්‍යවරු පවසන්නේ දරුවා පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.
දැනට,මේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් සිදු කර දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටී.


මාතර කැලුම් බෝධිමාන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top