1150 x 80 px

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය එහි කුලපති මහාචාර්ය කිංස්ලි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විශ්ව විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සැසි දෙකක් යටතේ පැවැති  උපාධි ප්‍රදානෝත්සවයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ නමය හා පශ්චාත් උපාධි ආයතනවලින් අධ්‍යාපනය හැදෑරූ විද්‍යාර්ථීන් 3447 දෙනෙකු මෙහිදී උපාධි ලබා ගත්හ.
උපාධි ප්‍රදානෝත්සවය සහභාගීවන කුලපති මහාචාර්ය කිංස්ලි ද සිල්වා මහතා, උපකුලපති මහචාර්ය උපුල් බී. දිසානායක මහතා ඇතුලු පිරිස පෙරහැරින් ගෘහස්ථ ක්‍රීඩාංගණය කරා කැදවා පැමිණි අවස්ථාව සදහා උපාධි අපේක්ෂකයන් සිය උපාධි උපකුලපතිවරයා අතින් ලබා ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
නදීක දයා බණ්ඩාර - මහනුවර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top