1150 x 80 px

ධාවනය වන උඩරට දුම්රියේ මැදිරි එන්ජිමෙන් ගැලවිලා

මහනුවර සිට මාතර දක්වා ගමන් කරන  සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම ගනේමුල්ල ප්‍රදේශයේදී  දුම්රිය මැදිරිවලින් ගැලවී මද දුරක් ගමන් කොට තිබේ.

අනතුරුව යළි පැමිණි දුම්රිය එන්ජිම සිය මැදිරි සවි කර ගැනීමෙන් පසු  යළි ගමන් ආරම්භ කොට ඇත.

දුම්රිය මැදිරි වෙන්වී යළි සකස් කිරීමේදී මින්ත්තු 15ක පමණ ප්‍රමාදයක් සිදුවූ නමුත් සාමාන්‍ය දිනවල පෙරවරු 08.00ට මරදානට පැමිණි දුම්රිය එම ප්‍රමාදය නිසා ප්‍රවේශවූයේ පෙරවරු 8.45ටය.

කාර්යාල සදහා පැමිණෙන විශාල පිරිසක් මෙම දුම්රියේ ගමන් කරන අතර මෙම සිද්ධිය හේතුවෙන් මරදාන, කොළඹ කොටුව ස්ථාවලින් බැස යන කාර්යය මණ්ඩල සදහා ප්‍රමාදවීමක් සිදුවිය.

මේ හේතුවෙන් සීඝගාමී දුම්රියට පිටුපසින් පැමිණෙන දුම්රියන් ද ප්‍රමාදවීමට ලක්විය.


 - නදීක දයා බණ්ඩාර - මහනුවර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top